
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිනිස් බලය, උපකරණ සහ මූල්‍යමය වශයෙන් ලෝක සන්නද්ධ හමුදා තක්සේරුවට ලක්කරන නවතම දර්ශකයේ අමෙරිකාව නැවත වරක් පළමු ස්ථානයට පත්වූ බව Global Firepower Index 2025 වාර්තාව සඳහන් කරයි.
රටවල් 145ක් ඇතුළත් එම දර්ශකයේ දෙවැනි ස්ථානය රුසියාවට සහ තුන්වැනි ස්ථානය චීනයට හිමි වී ඇති අතර, දකුණු ආසියාවේ බලවත්ම හමුදාව ලෙස ඉන්දියාව එම දර්ශකයේ සිවුවැනි තැනට පත්වූ බව අදාළ වාර්තාව වැඩිදුරටත් පවසයි.
දකුණු කොරියාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජපානය, තුර්කිය සහ ඉතාලිය පිළිවෙළින් පස්වැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා ලැයිස්තුගත කර ඇතැයි වාර්තාව පෙන්වාදෙයි.
මීට පෙර 9 වැනි ස්ථානයේ පසුවූ පාකිස්තානයට මෙවර දර්ශකයේ 12 වැනි තැන හිමිවී ඇති බවත්, බංග්ලාදේශය 35 වැනි ස්ථානයේ සහ ශ්‍රී ලංකාව 69 වැනි ස්ථානයේ පසුවන බවත් එම වාර්තාවේ සඳහන් වේ.
ගාසා යුදගැටුම්වලට මැදි වී සිටින ඊශ්‍රායලය 15 වැනි ස්ථානයේ පසුවන අතර, ඉරානයට 16 වැනි ස්ථානයත්, රුසියාව සමඟ යුද්ධයට පැටලී සිටින යුක්රේනයට 20 වැනි ස්ථානයත් ලැබී ඇති අතර, ලෙබනනය 115 වැනි ස්ථානයේ සහ ඇෆ්ගනිස්තානය 118 වැනි ස්ථානයේ පසුවන බවත් එමගින් හෙළිකර ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart