
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අසාද් මවුලානා නමැත්තා මේ වන්විට ජීවිත තර්ජන එල්ල වන බව පෙන්වා දෙමින් විදේශ රටක ස්ථිර පදිංචිය අපේක්ෂා කරමින් සිටින බවත්, එවන් පසුබිමක් තුළ ඇතැම් පාර්ශව තමන්ව ද ඉලක්ක කර ගනිමින් පදනම් විරහිත චෝදනා එල්ල කරන බවත් සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් පවසයි.
ඔහු මෙම අදහස් පළකර ඇත්තේ පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණය කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් Daily Mirror පුවත්පත සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ය.
“මේ ප්‍රහාරය එල්ල වුණේ මීට අවුරුදු හයකට කළින්. වසර 04 ක් ඉන්නේ නැතුව චැනල් 4 නාලිකාවට සහ ජිනීවා මානව හිමිකම් කොමිසමට ගොස් ඔහුට ඒ අවස්ථාවේ මෙය හෙළිකිරීමට නොහැකි වූනේ ඇයි?. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ලේකම් රවී සෙනෙවිරත්න කියන්නේ, බෝම්බය පිපිරෙන විට හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා. ජනාධිපතිවරයා සහ රහස් පොලිසිය මෝඩයිද? ආයුධ අත්හැරිය අය සහ ISIS සහ මුස්ලිම් අන්තවාදය අතර වෙනස ඔවුන්ට තේරුම්ගත නොහැකිද? මම සන්නද්ධ අරගලයට අකමැති නිසා මම දේශපාලනයට ඇවිත් මහඇමැති කෙනෙක් වුණා. 2015 සිට 2020 දක්වා සිරගතව සිටි අයෙක් මෙවැනි විනාශකාරී ප්‍රහාරයක් සැලසුම් කරන්නේ කොහොමද? මවුලානා යළි මෙරටට ගෙන්වා ගැනීමට ආණ්ඩුව සැලසුම් කරනවා නම් හොඳයි. මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා. නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට බොරු කතන්දර නිර්මාණය කිරීම සම්බන්ධයෙන් මවුලානා අත්අඩංගුවට ගැනීමට ඉඩ දෙනවා” යැයි පිල්ලෙයාන් වැඩිදුරටත් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart