
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් මැයි මාසයේදී ආරම්භ කරන බව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි.
අද(15) ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ 2023 මැයි 22 වනදා නව දේශපාලන පක්ෂය ආරම්භ කරන බවයි.
මැයි 22 වැනිදාට යෙදෙන ශ්‍රී ලංකා ජනරජ දිනයට සමගාමීව නව දේශපාලන පක්ෂය ආරම්භ කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
පැරණි දේශපාලන පක්ෂවල ක්‍රියාකලාපය සහ පැරණි දේශපාලන ක්‍රමයක් හේතුවෙන් රට බංකොලොත් වූ බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා, නව කණ්ඩායමකට වේදිකාවක් ලබාදීම අත්‍යවශ්‍ය බවද කියා සිටියේය.
නව දේශපාලන පක්ෂයට මහජනතාවගේ සහය ලැබෙනු ඇතැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා විශ්වාසය පළ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart