
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නූල් සුත්තරකාරයන් සමග එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර එකඟතාවක් ගොඩනැගිය නොහැකි බව එජාප නියෝජ්‍ය නායක රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් එජාප නියෝජ්‍ය නායකයා පෙන්වාදුන්නේ, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ගෞරවනීය ලෙස එක්විය යුතු බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද සඳහන් කළේය.
“හැම දෙනාගෙම හදවත් තුළින් එකට කරන්න පුළුවන් වෙන්න ඔනි. රනිල් වික්‍රමසිංහ මහත්තය පුළුල්ව හිතල වැඩ කරයි. නමුත් එයා ගාව ඉන්න දෙන්නෙක් ඒක කරන්න දෙන්නෙ නෑ. මම රනිල් එක්ක කතා කළා. එයා ගාව ඉන්න වන්දිබට්ටයො තමයි මේ පක්ෂය කඩන්නේ. එකතු වෙන්න ඕනෙ ගෞරවය තුළින්. මේ රටේ අපි හිතන විදිහට අවුරුදු හැත්තෑහතකට පස්සේ රට ඉලක්ක කරල හදමු. නුල් සුත්තරකාරයොත් එක්ක සජබෙ එකතු කරන්න බෑ. ඒ වුණාට මම ඒක කරනව.
මීළඟ පළාත් පාලන මැතිවරණදී කොළඹ මහනගර සභාව පිළිබඳව අදහස් දක්වමින් හෙතෙම මෙසේද ප්‍රකාශ කළේය.
“මේ වතාවෙත් එහෙමම තමයි. අපි දිනනවා. ඒක අපි එකතු වෙලා කරනවා. මේකේ එජාපය සජබෙ එතකු වෙලා කරන්නේ. මටත් කැක්කුමක් තියනවා. මම තමයි රනිල් වික්‍රමසිංහට පස්සේ ඉන්න එජාපයේ ජ්‍යේෂඨතම පුද්ගලයා. සජබයයි-එජාපයයි ගෞරවනීය ලෙස එකතු වෙන්න ඕනෙ. සජබෙ, එජාපය වගේ ම අනිත් පක්ෂ ඔක්කොම එකට එකතු කරන්න ඕන. ඒක තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart