
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශපාලඥයන් දැඩි නීති රීති හරහා මිනිසුන් මර්දනය නොකළ යුතු බවත්, මුදු මොළොක් බවින් ජනතාව රැකබලා ගත යුතු බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.
“දේශපාලකයින් ජනතාව අතරට එකතු විය යුතු අතර සියලු ජාතීන් හා ආගමික කණ්ඩායම් එකිනෙකාට ආදරය කිරීමට උත්සාහ කළ යුතුයි. අපි දීර්ඝ කාලයක් ක්‍රෝධයෙන් වෛරයෙන් යුද්ධයක් කළ නමුත් දැන් අපි එකිනෙකාට ප්‍රේම කිරීමට කාලය පැමිණ තිබෙනවා” යනුවෙන් කාදිනල් හිමිපාණෝ අද කළගෙඩිහේන නව දේවස්ථානයකට ආශිර්වාද කිරීමේ උත්සවයකට එක්වෙමින් පැවැසුහ.
“ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ උතුරට ගිය අවස්ථාවේදී යාපනයේ ජනතාව ඔහුව වැළඳගත් ආකාරය අපි දැක්කා. දකුණ සමඟ සංහිඳියාව ඇතිකර ගැනීමට උතුරේ ජනතාව තුළ විශාල ආශාවක් තිබෙන බව අපි දැක්කා. නායකයෙකු ජනතාව අතරට ගොස් ඔවුන්ව මුදු මොළොක් බවින් වැළඳ ගත යුතු ආකාරය පෙන්වා දුන් ජනාධිපතිවරයා අනෙකුත් දේශපාලන නායකයන්ට ද ආදර්ශයක් සපයා තිබෙනවා” කාදිනල් හිමිපාණෝ වැඩිදුරටත් සඳහන් කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart