
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විජේරාමයේ පිහිටි නිල නිවස ලබාදීමට යහපාලන ආණ්ඩුව අනුමැතිය ලබාදුන් රැස්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ තමන්ද සහභාගි වූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ විශේෂ හමුවකදී හෙළිදරව් කළේය.
පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ අමාරි හෝටලයේ පැවති මෙම හමුවට රනිල් වික්‍රමසිංහට අමතරව වජිර අබේවර්ධන, සාගල රත්නායක, උදය ගම්මන්පිල, මනෝ ගනේෂන්, පී. දිගම්බරම්, සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල, කාංචන විජේසේකර, සුගීෂ්වර බණ්ඩාර සහ ප්‍රේමනාත් දොලවත්ත ආදී මැති ඇමැති සහ පක්ෂ නායකයන් පිරිසක්ද එක්ව සිටියහ.
එහිදී රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් අවධාරණය කළේ හිටපු ජනාධිපතිවරුන්ට නිල නිවාස ලබාදීමට නීතියෙන් රජය බැඳී සිටින බවය.
වත්මන් ජනාධිපතිවරයාද සහභාගි වූ රැස්වීමකදී මහින්ද රාජපක්ෂට නිල නිවස ලබාදීමට ගත් තීන්දුව නීත්‍යානුකූල බව රනිල් වික්‍රමසිංහ එහිදී අවධාරණය කර ඇත.(දේශය)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart