
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ යාපනය ප්‍රදේශයේ සිදුකළ සංචාරයේදී ජනහමුවක් අමතමින් රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට වත්මන් රජයේ කැපවීම යළිත් අවධාරණය කළේය.
“අපේ රටේ දේශපාලනය හැම විටම මහජනතාවට ඉහළින් පවතිනවා. නායකයන් ජනතාවට සමීප නොවී මහජන මුදල් විශාල ලෙස නාස්ති කළා. අපි මේක නැවැත්වූ ආණ්ඩුවක්” යැයිද ඔහු පැවසීය.
විශේෂයෙන් රට තුළ ඉදිකර ඇති ජනාධිපති මන්දිර ඵලදායී ප්‍රයෝජනය සඳහා ඇගයීමට ලක්කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබීම විශේෂත්වයකි.
කන්කසන්තුරේ ඉදිකළ ජනාධිපති මන්දිරය සම්බන්ධයෙන්ද සළකා බලන බවද ඔහු පැවසුවේය.
“කන්කසන්තුරේ හදපු එකක් තියෙනවා. අපට මෙහෙට එකක් අවශ්‍යද? ජනතාවට එකක් අවශ්‍යද? මට අවශ්‍ය නැහැ. එය ප්‍රයෝජනයට ගතහැකි ව්‍යාපෘතියක් යෝජනා කරන ලෙස මම ආණ්ඩුකාරවරයාට සහ දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා.” ජනාධිපතිවරයා රැස්ව සිටි ජනතාව අමතමින් පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, රට පුරා ඇති ජනාධිපති මන්දිර දකුණු ඉන්දීය නළු කමල් හසන්ගේ ජනප්‍රිය ‘දශාවතාර්’ චිත්‍රපටයට සමාන බවයි.
“එය හරියට කමල් හසන්ගේ ‘දශාවතාර්’ චිත්‍රපටයේ ජනාධිපතිගේ සෑම චරිතයකටම වෙන වෙනම මන්දිර තියෙනවා වගෙයි” ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart