
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දැනට පැවැත්වෙන වෝන්-මුරලි ටෙස්ට් තරඟාවලියේ අංගයක් ලෙස, දඟ පන්දු යවන පුරාවෘත්තයන් වන ෂේන් වෝන් සහ මුත්තයියා මුරලිදරන්ගේ රූප ඇතුළත් විශේෂ පුවරුවක් ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දොරටුව අසල තබා ඇත.
ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම දඟ පන්දු යවන්නන් දෙදෙනාගේ අසාමාන්‍ය ජයග්‍රහණ සඳහා මෙමගින් උපහාර දක්වන අතර, රසිකයන්ට ඔවුන්ගේ අත්සන් පුවරුවට එකතු කිරීමෙන් උපහාර දැක්වීමට ඉඩ සලසා තිබේ.
තරඟාවලියේ අන්තර්ජාතික විස්තර විචාරකයකු ලෙස දැනට සේවය කරන හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ෆර්වීස් මහරුෆ්, පුවරුවේ අත්සන තැබූ පළමු වැන්නා විය.
මෙය තරගාවලිය පුරාම ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
මෙම සුවිශේෂී ක්‍රීඩකයන් දෙදෙනා සැමරීම සඳහා ක්‍රිකට් ලෝලීන්ට තම සලකුණ තබන ලෙස අරයුම්කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart