
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල(ICC) නම්කර ඇති 2024 විශිෂ්ටතම පන්දුවාර විස්ස පිරිමි කණ්ඩායම සදහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිඩක වනිදු හසරංග ඇතුළත්ව තිබේ.
ඉන්දියාවේ රෝහිත් ෂර්මාට එම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇති අතර, ඕස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ්, එංගලන්තයේ ෆිල් සෝල්ට්, පාකිස්තානයේ බාබර් අසාම්, බටහිර ඉන්දීය කොදෙව් හි නිකල්ස් පූරන්, ඇෆ්ගනිස්තානයේ රෂිඩ් ඛාන්, සිම්බාබ්වේහි සිකන්දර් රාසා ද කණ්ඩායමට ඇතුළත් වේ.
මේ අතර, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නම් කර ඇති 2024 විශිෂ්ටතම පන්දුවාර විස්ස කාන්තා කණ්ඩායම සදහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුද නම් කර තිබේ.
ඇය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නම් කර ඇති 2024 විශිෂ්ටතම එක්දින කාන්තා කණ්ඩායමට නම් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart