
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව පළාත් ආණ්ඩුකාරවරුන් ලෙස එක්සත් ජාතික පාක්ෂිකයන් කිහිපදෙනෙකු පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව හිටපු ඇමැති නවීන් දිසානායක ප්‍රකාශ කරයි.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(බී) වගන්තිය යටතේ නව ආණ්ඩුකාරවරුන් පත්කිරීමට ජනාධිපතිවරයාට බලතල තියෙනවා. ඒ නිසා කළු පැල්ලමක් නැති එක්සත් ජාතික පාක්ෂිකයන් නව ආණ්ඩුකාරවරුන් ලෙස පත් කරන්න එතුමාට අදහසක් තියෙන්න පුළුවන්” යැයි අද(08) පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වීමින් නවීන් දිසානායක සඳහන් කළේය.
“ආණ්ඩුකාර තනතුරක් සඳහා අපේක්ෂකයෙකු ලෙස විශේෂයෙන් සමාජ මාධ්‍යවල මගේ නමත් සඳහන් වෙනවා. නමුත් මම මං ගැන කතාකරන්න කැමති නැහැ.” ඔහු පැවසීය.
ඉදිරියේදී තමා එක්සත් ජාතික පක්ෂය ගැන පොතක් ලියන බවද නවීන් දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart