
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට යළිත් වසර 14ක සිරදඬුවමක් නියම කර තිබේ.
ඔහුගේ බිරිඳ බුෂ්රා බීබීට ද වසර හතක සිරදඬුවමක් නියම කර ඇතැයි විදෙස් ජනමාධ්‍ය පවසයි.
ඉම්රාන් ඛාන්ගේ අල්-කදර් විශ්ව විද්‍යාල ව්‍යාපෘති භාරකාර අරමුදලේ මූල්‍ය දූෂණ සහ බලය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් එල්ල් වී තිබූ චෝදනාවලට අදාළ නඩු විභාගයකින් අනතුරුව මෙම සිරදඬුවම් නියම කර ඇත.
සිරදඬුවමට අමතරව ඉම්රාන් ඛාන්ට පාකිස්තාන රුපියල් මිලියනයක (ඩොලර් 3,500) දඩයක් ද නියම වූ අතර බිබීට එම මුදලින් අඩක් දඩ ලෙස නියම වී තිබේ.
ඉම්රාන් ඛාන් 2023 වසරේ අගෝස්තු මාසයේ සිට සිරගත කර සිටින රාවල්පින්ඩි හි අඩියාලා බන්ධනාගාරයේ සිට ක්‍රියාත්මක වන ‘වගවීමේ උසාවියක්’ මගින් මෙම නඩු විභාගය සිදුකර ඇතැයි වාර්තා වේ.
අධිකරණය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මෙම තීන්දුව කල්තබා තිබූ අතර එය නිවේදනය කිරීම ද අවස්ථා තුනකදී කල්තබා තිබිණි.
ඉම්රාන් ඛාන්ගේ බිරිඳ වන බුෂ්රා බිබී අත්අඩංගුවට ගනු ලැබුවේ අධිකරණ භූමියේදී බව පැවසේ.
නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීම තුන්වැනි වරටත් ප්‍රමාද වූ ජනවාරි 13 වැනිදා ඉම්රාන් ඛාන් අධිකරණය හමුවේ පෙනීනොසිටි බව ද විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
ඊට පෙර අවස්ථාවකදී ඔහු පවසා තිබුණේ තීන්දුවේ ප්‍රමාදය තමාට පීඩනය එල්ල කිරීමේ උත්සාහයක් බවයි.
හිටපු අග්‍රාමාත්‍යවරයා වරදකරු වූ, ඔහුට එරෙහිව ගොනුකර තිබූ සිව්වැනි ප්‍රධාන නඩුව මෙයයි.
ඊට අමතරව ‘රාජ්‍ය තෑගි’ විකිණීම හෙවත් කුප්‍රකට ටොෂකානා නඩුව, රාජ්‍ය රහස් අනාවරණය කිරීම සහ නීතිවිරෝධී විවාහ සම්බන්ධ නඩු ඔහුට එරෙහිව ගොනුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart