
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්රීඩක මතීෂ පතිරණ ටෙස්ට් ක්රිකට් ක්රීඩා නොකර, එක්දින සහ T20 ක්රිකට් ක්රීඩාව කෙරෙහි අවධානය යොමු කළ යුතු බව හිටපු ඉන්දීය නායක එම්.එස්. දෝනි පවසයි.
“මම කැමතියි මතීෂ පතිරණ රතු පන්දුවෙන්(ටෙස්ට් තරග) ක්රිකට් ක්රීඩා නොකර, එක්දින ක්රීඩා කරනවාට සහ සියලුම ICC තරඟාවලිවලට ක්රීඩා කරනවාට. ඔහු ශ්රී ලංකාවට විශාල සම්පතක් වේවි” IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව මතීෂ පතිරණ දැක්වූ දක්ෂතාවලින් අනතුරුව එම්.එස්. දෝනි සඳහන් කර ඇත.
මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව පැවති තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවූ මතීෂ පතිරණ සිය ඕවර 04දී ලකුණු 15ක් පමණක් ලබාදෙමින් කදුළු 03ක් දවාගත්තේය. මතීෂ එම තරගයේ වීරයා බවටද පත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart