
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය පෙබරවාරි මාසයේදී තුර්කියට බලපෑ විනාශකාරී භූමිකම්පාවෙන් විපතට පත් වූවන් බේරාගැනීමේ මෙහෙයුමේදී මිය ගිය සුප්‍රසිද්ධ මෙක්සිකානු ‘ගලවා ගැනීමේ සුනඛයා’ සිහිපත්වීම වෙනුවන් තුර්කිය විසින් මෙක්සිකානු හමුදාවට මාස තුනක් වයසැති ජර්මන් ෂෙපර්ඩ් බලු පැටියෙකු තෑගි කළ බව මෙක්සිකානු මාධ්‍ය වාර්තා කරයි.
තුර්කි බසින් ‘මිතුරා’ යන අරුත ඇති අර්කාඩස් (Arkadas) නම් මෙම කළු සහ ලා දුඹුරු බලු පැටවා මෙක්සිකානු හමුදාවේ සුනඛ අංශයට පිළිගනු ලැබූ අතර ගලවා ගැනීමේ සුනඛයෙකු ලෙස පුහුණු කරනු ලැබේ.
සුන්බුන් අතර සිරවී විපතට පත්වූවන් සොයාමින් සිටින අවස්ථාවක සුන්බුන් වැටීමෙන් මියගිය ප්‍රෝටියෝ නම් සුනඛයා සම්බන්ධයෙන් මෙක්සිකෝව කම්පනයට පත්විය.
තුර්කියේ සහ සිරියාවේ පුද්ගලයන් 54,000ක් මිය ගිය රික්ටර් පරිමාණයේ 7.8ක දැවැන්ත භූමිකම්පාවෙන් පැය කිහිපයක් ඇතුළත මෙක්සිකෝව විසින් ගෝලීය වශයෙන් ප්‍රසිද්ධ ගලවා ගැනීමේ සුනඛයන් කණ්ඩායමක් තුර්කිය වෙත ගුවන් මගින් රැගෙන ගියේය. ප්‍රෝටියෝ එම කණ්ඩායමේ සාමාජිකයෙක් විය.
දැන් අර්කාඩස් භාරදී ඇත්තේද ප්‍රෝටියෝ පුහුණු කළ පුහුණුකරුටමය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart