
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ වාහනවල ඇතැම් කොටස් ඉවත් කිරීමට පොලිසිය ගත් ක්‍රියාමාර්ග ගැන සඳහන් කරමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසන්නේ, වාහනයක් වෙනස්කිරීම අපරාධයක් නොවන බවයි.
වාහන වෙනස්කිරීම වැළැක්වීම වැනි ක්‍රියාමාර්ග මෝටර් රථ කර්මාන්තය විනාශ කරන බව නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
“විශාල පිරිසකගේ ජීවනෝපාය රඳාපවතින්නේ එය මත බැවින් මෙම කර්මාන්තය ආරක්ෂා කළ යුතුයි” ඔහු පැවැසීය.
“මේ සභාවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයක් පිරිසිදු ශ්‍රී ලංකා වැඩසටහන ගැන ප්‍රශ්නයක් මතුකිරීම විහිළුසහගතයි. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ගැන ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේදී සාකච්ඡා කර ඇති බව අපි හිතුවා.”
“විපක්ෂයේ සිටියදී ජනමාධ්‍ය දේවත්වයෙන් සළකපු ජාතික ජන බලවේගය බලයට පත්වීමෙන් පසු ඔවුන්ට පහරදෙන ආකාරය විහිළුවක් වගේ. විපක්ෂයේ සිටියදී මට පහරදෙන්නත් ඔබ ජනමාධ්‍ය භාවිතා කළා,” නාමල් රාජපක්ෂ තවදුරටත් පැවැසීය.
වෙනත් කාරණා සඳහා කාලය ගත කරනවාට වඩා ජනතාව මුහුණ දෙන ගැටළු විසඳීම කෙරෙහි රජය අවධානය යොමු කළ යුතු බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart