
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පන්දුවාර විස්ස පිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ තුන්වැනි ශතකය වාර්තා කිරීමට කුසල් ජනිත් පෙරේරා අද සමත් විය.
තිලකරත්න ඩිල්ෂාන් සහ මහේල ජයවර්ධනගෙන් පසු අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයකු රැස්කළ තුන්වැනි ශතකය ඒ අනුව, කුසල් ජනිත් පෙරේරා විසින් අද නවසීලන්ත කණ්ඩායම හමුවේ රැස්කරන ලදී.
නවසීලන්තය සමග සැක්ස්ටන් ඕවල් හි පැවත්වෙන තුන්වැනි සහ අවසන් පන්දුවාර විස්ස තරගයේදී සිය මංගල පන්දුවාර විස්ස ශතකය කුසල් ජනිත් පෙරේරා මෙලෙස වාර්තා කළේය.
පන්දු 46කින් වාර්තා වූ එම ශතකයට හතරේ පහරවල් 13ක් සහ හයේ පහරවල් හතරක් අන්තර්ගත විය.
මෙම ශතකයත් සමග T20 ක්‍රිකට් පිටියේ ළකුණු 2000 ඉක්මවා ගිය පළමු ශ්‍රී ලාංකික පිතිකරු බවට කුසල් ජනිත් පෙරේරා පත්විය.
නවසීලන්තයේ ආරධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 218ක් රැස්කළ අතර නායක චරිත් අසලංකද පන්දු 24කදි ලකුණු 46කට දැවිගියේ හයේ පහරවල් 05ක් එල්ල කරමින්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart