
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට පිවිසීමට සැලසුම් කර ඇති විදේශීය සමාගම් දෙකක් QR කේත පද්ධති නොමැතිව ඉන්ධන සැපයීමට සුදානම් බව වාර්තා වේ. එම විදේශීය සමාගම් දෙක මොරට රථ සේවා ස්ථාන(car wash), සාප්පු සහ නවාතැන් සහිත බහුකාර්ය ඉන්ධන පිරවුම්හල් පිහිටුවීමට යෝජනා කර ඇත.
චීනයේ රජය සතු සිනොපෙක් (Sinopec) සහ එක්සත් ජනපදය පදනම් කරගත් ආර්එම් පාර්ක් ෂෙල් (RM Parks-Shell) යන සමාගම් දෙකෙහි නියෝජිතයන් සහ ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් අතර මෑතකාලීනව පැවැති සාකච්ඡා වලදී මෙම යෝජනා ඉදිරිපත් වී තිබේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇති ආකාරයට මෙම යෝජනාවට රජය එකඟ වන අතර, එය ප්‍රධාන වශයෙන් පිට පළාත්වල ඉන්ධන පිරවුම්හල් සඳහා අදාළ වේ.
පවතින QR කෝටා ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කිරීම නව සමාගම්වලට අදාළ නොවන බව, එම පාර්ශ්වයන් වෙත දැනුම්දී ඇති බවද එම නිලධාරියා පවසා ඇත.
(Sunday Times)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart