
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව ජනප්‍රිය ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රික් ඉන්ෆෝ විසින් නම් කළ 2024 වසරේ එක්දින, පන්දුවාර විස්ස සහ ටෙස්ට් ලෝක කණ්ඩායම් සඳහා ශ්‍රී ලංකා ක්‍රිඩකයන් කිහිපදෙනකුද ඇතුළත්ව තිබේ.
ඒ අනුව, 2024 වසරේ ක්‍රික් ඉන්ෆෝ ලෝක ටෙස්ට් කණ්ඩායම සඳහා කමිඳු මෙන්ඩිස් තේරී පත්ව සිටින අතර, වසරේ පන්දුවාර විස්ස ලෝක කණ්ඩායම සඳහා මතීෂ පතිරණ ඇතුළත්ව සිටී.
එමෙන්ම, ක්‍රික් ඉන්ෆෝ නම් කළ 2024 වසරේ ලෝක එක්දින කණ්ඩායමට පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග නම් කර ඇති අතර, එම කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට හිමිව තිබේ.
එමෙන්ම ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය නම් කළ 2024 ලෝක එක්දින කාන්තා එක්දින කණ්ඩායමට චමරි අතපත්තු නම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart