
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බොක්සිං ඩේ ටෙස්ට් තරගය අතරතුර ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ස්ටාස් සමඟ බලහත්කාරයෙන් ගැටුමකට සම්බන්ධ වූ ඉන්දීය ප්‍රවීණ ක්‍රීඩක විරාත් කෝලිට තරග තහනමක් පැනවීමට ඉඩ ඇති බව වාර්තා වේ.
එම තරගයේ ඕවර දහයක් ගෙවී යනවිටත් කොන්ස්ටාස් සැබෑ ලෙසම අන්තර්ජාතික වේදිකාවේ ඔහුගේ සලකුණ තබා තිබුණේ සුපිරි ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රාගේ පන්දුවලට හතරේ සීමාවට එහා යන පහරදීම් එල්ල කරමිනි.
තරුණ ඕස්ට්‍රේලියානුවාගේ නැගී සිටීමත් සමග කෝලිගේ ස්වරය සහ හැසිරීම ඉතා ඉක්මණින් වෙනස් විය.
දසවැනි ඕවරය අවසන් කිරීමේ දී වේගවත් මොහොමඩ් සිරාජ්ට පහර දීමෙන් පසු, කොන්ස්ටාස් අනෙක් අන්තයේ සිටි උස්මාන් කවාජා සමඟ කතාබස් කිරීමට තණතීරුව මැදට හැරී ගියේය.
කෝලි ඔහුගේ ගමන වෙනස් නොකරමින් කොන්ස්ටාස්ගේ ඇඟේ ගැටුණේ එම අවස්ථාවේ දීය.
දෙදෙනාගේ මෙම ක්‍රීඩාශීලී නොවන හැසිරීම සිදුව තිබුණේ 90,000ට ආසන්න ක්‍රීඩා ලෝලීන් පිරිසක් ඉදිරියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart