
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් මිලියන 10ක වටිනාකමකින් යුත් කුෂ් නමැති ගංජා තොගයක් සිය ගමන් මලු තුළ සඟවා නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ රුසියානු ජාතිකයකු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
තොරතුරු තාක්ෂණ නිලධාරියකු ලෙස හඳුනාගෙන ඇති 34 හැවිරිදි එම විදේශිකයා ගුවන් තොටුපලේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු විවිධ රටවල් හරහා කුෂ් වගාව, සැකසීම සහ බෙදා හැරීමේ කටයුතුවල නිරතව සිට ඇති බව විමර්ශනවලදී අනාවරණය විය.
සැකකරු ඊයේ බැංකොක් සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL-403 දරණ ගුවන් යානයෙන් ගුවන් තොටුපළට ළගාවී තිබේ.
කොට්ටයක් තුළ අසුරා ස්පොන්ජ් ද්‍රව්‍ය සමඟ සඟවා තිබූ කුෂ් කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 50 ක් සැකකරු සන්තකයේ තිබී සොයාගෙන ඇත.
රුසියානු ජාතිකයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රශ්න කිරීම සඳහා රඳවා තබා ගැනීමට නියෝග කර තිබේ.
සැකකරු සහ කුෂ් තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මූලස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart