
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් තවත් නව සන්ධානයක් පිහිටුවීමට විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එකඟ වූ බව, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද(24) පැවති බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි. අද පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති එම සාකච්ඡාවෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා අදාළ සන්ධානය පිළිබඳව මෙසේද පැවැසීය.
“විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ සියලු පක්ෂවල නායකයින් සමඟ අද සාකච්ඡාවක් පැවැත්වූවා. ඉදිරියේදී එන මර්ධනකාරී පනත්වලට විරුද්ධවෙන්න ඒ පනත් හකුළාගැනීම සඳහා වැඩ කටයුත්තක් සංවිධානය කිරීමට එකඟතාවය ඇතිකෙරුවා. දැවැන්ත විපක්ෂ ඒකාබද්ධ සන්ධානයක් ගැන සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් අද අපි සාකච්ඡා කළා. විපක්ෂයේ ඉන්න සියලු දේශපාලන පක්ෂ අද ආවා. ඒ පක්ෂවල නායකයින් ආවා. සියයට සීයක් සියලු පක්ෂ එකඟ වුණා. පොහොට්ටුවෙන් කැඩිලා ගිය කට්ටියත් ඉන්නවා. අපිට කියලා තියෙන්නේ විපක්ෂයේ ඉන්න. අපිට ඡන්දය දුන්න ජනතාව ජාතික ආණ්ඩුවට වරමක් දීලා නෑ. ඒ නිසා අපි විපක්ෂයේ ඉන්නවා. ඊළඟ ජනාධිපතිවරණය වෙනකල් මේ සන්ධානය යනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart