
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශීය වෙළෙඳපොළේ හිඟයක් පවතින බිත්තර සඳහා පනවා ඇති ආනයන සීමාකිරීම් තවදුරටත් ලිහිල් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා, රජය ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කිරීම ඉදිරි සතියේ ආරම්භ කිරීමට නියමිතය. වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දුට අනුව, දේශීය වෙළඳපොලේ බිත්තර සැපයුම වැඩිදියුණු කිරීම සහ මිල අඩු කිරීම සඳහා බිත්තර ආනයන සීමාකිරීම් තවදුරටත් අඩු කිරීමට රජය සැලසුම් කරයි.
මාර්තු-අප්‍රේල් උත්සව සමයට ආසන්නව බිත්තර සැපයීම සහ මිල ඉහළ යෑම සම්බන්ධයෙන්, පසුගිය මාස තුනක කාලය තුළ වෙළඳ අමාත්‍යාංශය සහ කුකුළු කර්මාන්තය අතර මතභේදයක් නිර්මාණය විය. එම අමාත්‍යංශය පවසන පරිදි, සත්ව ආහාර හිඟයට ක්‍රමානුකූලව විසඳුම් ලබාදීමත් සමඟ, බිත්තර මිල අඩු කිරීමට කුකුළු කර්මාන්තකරුවන් පියවර ගතයුතුය.
බිත්තර බොහෝ ශ්‍රී ලාංකිකයන්ට, විශේෂයෙන්ම දරුවන්ට ප්‍රෝටීන් ප්‍රභවයකි.
“ආනයනය කරන ලද බිත්තරවල සීමාවන් ලිහිල් කිරීම වෙනුවෙන්, සමහර ආනයන සීමාකිරීම් ලිහිල් කිරීමට අපි සළකා බලනවා. අපගේ අරමුණ අසාධාරණ මිල ඉහළ දැමීම අඩු කර, පාරිභෝගිකයින්ට ප්‍රෝටීන් සහිත ආහාර ලබාදීමයි.” යැයි ඇමැති නලින් ප්‍රනාන්දු පවසයි.
කෙසේ වෙතත් ආනයන සිමා ලිහිල් කොට, මෙරටට ගෙනෙනු ලබන බිත්තර සංචාරක, ෙබ්කිං සහ ආහාර සැපයීමේ කර්මාන්තයට පමණක් සීමා නොවී සාමාන්‍ය පාරිභෝගිකයන්ටද ලැබෙන ආකාරයෙන් වෙළඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇමතිවරයා අදහස් පළකර නැත.
(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart