
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය යොවුන් ක්‍රීඩක ගුකේෂ් දොමරජු ලොව ළාබාලතම චෙස් ලෝක ශූරයා බවට පත්විය.
ඉකුත් බ්‍රහස්පතින්දා පැවැති අවසන් තරඟයට සහභාගී වී ඉන් ජය ලබනා විට ඔහුගේ වයස අවුරුදු 18 කි.
ඉන්දියාවේ චෙන්නායිහි උපන් ගුකේෂ් සිංගප්පූරුවේදී පැවැති තරගයකදී වත්මන් ලෝක ශූර චීනයේ ඩිං ලිරන් පරාජය කිරීමට සමත් විය.
ලෝක චෙස් සම්මේලනය මගින් පැවැත්වූ ලෝක චෙස් ශූරතාවලියේ ජයග්‍රාහකයා සඳහා හිමිවන ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් මිලියන 2.5 කි.
චෙස් තරගාවලි රැසක ජයග්‍රහණය හිමිකර ගෙන ඇති ගුකේෂ් සිය මේ දක්වා වූ ගමනේ ලද විශිෂ්ඨතම ජයග්‍රහණය මෙයයි.
ගුකේෂ් අවුරුදු 12 යි මාස හතක් වයසැතිව සිටියදී චෙස් Grandmaster ගූරතාව දිනාගෙන ඇති අතර ඒ වන විටත් ඔහු ලෝක ශූරයා වීමට සිහින මැවූ බව පවසයි.
“තරගය පුරාම මට ජයග්‍රහණ ලබාගැනීමට අවස්ථා කිහිපයක් සහ මා ඉදිරියේ තිබුණා. නමුත් මම ළං වූ පසු මම කලබලයට පත් වූ අතර මට ඔහුව අවසන් කිරීමට නොහැකි වුණා. එහෙත් එකපාරටම සිදුවූ හදිසි වෙනසක් නිසා මට මෙච්චර ඉක්මනට ජයගන්න පුළුවන් වුණා” ”ගුකේෂ් ජයග්රහණයෙන් පසු බීබීසී පුවත් සේවයට පැවසීය.
ගුකේෂ්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ලොව පුරා සිටින විශේෂ පුද්ගලයින් රැසක් සුබ පැතුම් එක් කර තිබේ.
ඒ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්දුල්කාර්, තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම් කේ ස්ටාලින් මෙන්ම ලොව ධනවත්ම පුද්ගලයා වන එලෝන් මස්ක් ද සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart