
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බන්ධාගාරගත කෙරුණු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා කුරුවිට බන්ධනාගාරයේ ‘මහළු වාට්ටුවේ’ රඳවා ඇති බව එම බන්ධනාගාර වාර්තා අනාවරණය කරයි.
ඔහුට වැඩි ආරක්ෂාවක් ලබාදීම සඳහා මෙලෙස මහළු වාට්ටුවට යොමුකර ඇති බව වාර්තා සඳහන් කරයි.
සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා ඊයේ (10) රත්නපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂවරයා පෙරේදා (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සහකාර පොලිස් අධිකාරී සිල්වා 2023 අගෝස්තු මාසයේදී කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පවරා ඇති නඩුවක් විමර්ශනය කිරීමේදී පැමිණිලිකරුවකුට පක්ෂග්රාහී ලෙස කටයුතු කළ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
මෙම විමර්ශනයේදී සහකාර පොලිස් අධිකාරී සිල්වා පැහැරගෙන යෑමේ සිද්ධියකට සහ අයුතු ලෙස සිරකර තැබීමේ සිද්ධියකට ආධාර අනුබල දී ඇති බව තහවුරු වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart