
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කණ්ඩායම් 06කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ලංකා T-10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව තිබේ.
සමාරම්භක උළේල පස්වරු 2.45ට ආරම්භ වන අතර පළමු තරගය පස්වරු 04ට යාපනය සහ හම්බන්තොට කණ්ඩායම අතර පැවැත්වේ.
දෙවැනි තරගය නුවරඑළිය සහ කොළඹ කණ්ඩායම අතර පස්වරු 06ටත් තුන්වැනි තරගය නුවර සහ ගාල්ල අතර පස්වරු 8.30ටත් ආරම්භවීමට නියමිතව තිබේ.
තරගාවලිය පුරා තරග 25ක් පැවැත්වෙන්නේ එක් ඉනිමක් පන්දුවාර 10කට සීමාකරමින්ය.
මූලික වටයේ තරග 21ක් පැවැත්වෙන අතර එහිදි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම 04 ඉදිරි වටය සදහා සුදුසුකම් ලබනු ඇත.
ඉන් පළමු සහ දෙවැනි තැන ගන්නා කණ්ඩායම් ද්විත්වය Qualifier 1 තරගයට ක්‍රීඩා කරන අතර ඉන් ජයගන්නා කණ්ඩායම සෘජුවම අවසන් තරගයට සුදුසුකම් ලබයි.
ඉන් අනතුරුව තුන්වැනි සහ හතරවැනි කණ්ඩායම් Eliminator තරගයට ක්‍රීඩා කරන අතර ඉන් ජයගන්නා කණ්ඩායම Qualifier 1 තරගයේදි පරාජයට පත්වූ කණ්ඩායම සමග Qualifier 2 තරගයට ක්‍රීඩා කරනු ලැබේ. ඉන් ජයගන්නා කණ්ඩායම ලබන 19 වැනිදා පැවැත්වෙන අවසන් තරගයට ක්‍රීඩා කරනු ඇත.
ෂකීබ් අල් හසන්, අසීෆ් අලි, ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර්, කයිල් මෙයියර්ස්,සෞම්‍ය සර්කාර්, ජොන්සන් චාල්ස්, ඉමාඩ් වසීම් වැනි විදෙස් ක්‍රිකට් ක්‍රිඩකයන් මෙන්ම, ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස්, වනිදු හරසංග, මතීෂ පතිරණ, තිසර පෙරේරා, මහීෂ් තීක්ෂණ, භානුක රාජපක්ෂ, නුවන් තුෂාර යන අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ නමක් දිනූ ක්‍රිඩකයන් රැසක්ද ලංකා T-10 තරගාවලියට ක්‍රීඩා කරනු ලබති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart