
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කඩුවෙල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කිරීමට යතුරුපැදියකින් යමින් සිටි කාන්තාවක් යටකරගෙන යෑමට උත්සාහ කළ මෝටර් රථයකට පොලීසිය අද අලුයම වෙඩි තබා තිබේ.
අනතුරක් සිදු කර ඝාතනය කිරීමේ අරමුණින් පසුපසින් පැමිණි මෝටර් රථයක් පිළිබඳ එම කාන්තාව කඩුවෙල පොලිසියට දන්වා ඇත.
එම තොරතුර මත කඩුවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් ක්‍රියාත්මක වී රථය නැවැත්වීමට උත්සාහ කර ඇතත් එම රථය පොලිස් නිලධාරීන් යටකරගෙන යෑමට ද උත්සාහ කර ප්‍රදේශයෙන් පළාගොස් තිබේ.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරියකු රථයට වෙඩි තබා ඇතත් එය ප්‍රදේශයෙන් පළාගොස් තිබිණි.
යතුරුපැදියේ 38 හැවිරිදි කාන්තාව පොලිස් ආරක්ෂාව යටතේ රෝහලට ඇතුළත් කර ඇත.
මෝටර් රථය අත්අඩංගුවට ගැනීමට සහ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart