
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යම් පුද්ගලයකුට ව්‍යාපාරයක් තිබේ නම් හෝ කුලී, පොලී වැනි ආයෝජන ආදායම් තිබේ නම් හෝ රැකියාවක නියුක්තව සිටින්නේ නම් සහ ඔහුගේ/ඇයගේ වාර්ෂික සමස්ත ආදායම රුපියල් 1,200,000 ඉක්මවන්නේ නම්, එම පුද්ගලයා ආදායම් බදු ගෙවීමට බැඳී සිටින බව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
එහිදී ආදායම් බදු ගෙවීම සඳහා ලිපිගොනුවක් විවෘත කිරීම ජනතාවගේ වගකීමක් බවත්, හැකි ඉක්මනින් එය විවෘත කිරීමට කටයුතු කරන ලෙසත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. ලිපිගොනුවක් විවෘත කිරීම සඳහා අවශ්‍ය ආකෘති පත්‍රය දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවද අදාළ නිවේදනයේ දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart