
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ලකුණු කිරීමේ ක්‍රියාවලිය ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කිරීමට ඉඩ ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය (FUTA) ප්‍රකාශ කර ඇත. FUTA හි ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, අවශ්‍ය සාකච්ඡාවලින් පසු මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ඉදිරි දින කිහිපය තුළ සංගමයේ සියලුම සාමාජිකයන් එක්ව ගනු ඇති බවයි. සිය ඉල්ලීම් සඳහා රජයෙන් යහපත් ප්‍රතිචාරයක් මේ වන විට ලැබී ඇති බව ද ඔහු සඳහන් කළේය.
කෙසේවෙතත්, අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් පෙරේදා(17) පැවති ජනමාධ්‍ය හමුවකදී සඳහන් කරන ලද්දේ, උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගැයීමේ කටයුතු ප්‍රමාදය පිටුපස අන්තවාදී පටු දේශපාලනික කොටස් සිටින බවට බුද්ධි අංශ පසුගිය සතියේදී වාර්තා කර ඇති බවයි. උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගැයීමේ කටයුතු ප්‍රමාදය හේතුවෙන් වයස අවුරුදු 18, 20 වයස් සීමාවේ පසුවන තරුණයන් දැඩි අසහනයකට පත් වන බවත්, එම තරුණ අසහනයෙන් අනිසි ප්‍රයෝජන ගනිමින් පටු දේශපාලන වුවමනාවන් සපුරා ගැනීමට අන්තවාදී පටු දේශපාලනික කොටස් උත්සාහ දරන බවට පසුගිය සතියේදී බුද්ධි අංශ වෙත වාර්තා වී ඇති බවත් ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart