
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අදානි සමූහ ව්‍යාපාරයේ නායකත්වයෙන් යුත් කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සැලසුම් කළ පරිදි සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති සිරිමෙවන් රණසිංහ ප්‍රකාශ කරයි.
බ්ලූම්බර්ග් වෙත ඔහු පවසා ඇත්තේ කොළඹ බටහිර අන්තර්ජාතික පර්යන්තයේ ඉදිකිරීම් තවමත් සිදුවෙමින් පවතින අතර, ව්‍යාපෘතියේ පළමු අදියර 2025 මුල් භාගයේදී නිම කිරීමට නියමිතව ඇති බවයි.
Adani ports සමාගම සහ විශේෂ ආර්ථික කලාපය අතර අත්සන් කර ඇති ගිවිසුමට අනුව ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ඔහු දන්වා සිටියේය.
අදානි සමූහ ව්‍යාපාරය රටේ වරාය යටිතල පහසුකම් ව්‍යාප්ත කිරීමෙහිලා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි.
ඩොලර් බිලියනයක මුදල් සම්භාරයක් වියදම් කරන කොළඹ බටහිර පර්යන්ත ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ වරාය ක්ෂේත්‍රයේ විශාලතම සෘජු විදේශ ආයෝජනය සනිටුහන් කරයි.
එක්සත් ජනපද ඒජන්සිය විසින් ලබාදිය යුතු මුදල් තවමත් අවසන් කර නොමැති බව පැවසූ රණසිංහ, අවශ්‍ය මූල්‍යකරණය ලබා ගැනීම ව්‍යාපෘතිය සංවර්ධනය කරන හවුල් ව්‍යාපාර සමාගමට පැවරෙන බව පැවසීය.
එක්සත් ජනපද අනතර්ජාතික සංවර්ධන මූල්‍ය ඒජන්සිය පසුගිය වසරේ (2023) ඩොලර් මිලියන 553ක ණයක් ලබා දුන්නේ කොළඹ වරාය සංවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘතියේ බහුතර කොටස් Adani Ports සතු පසුබිමකය.
හවුල්කරුවන් විසින් 30%ක කොටස් දායකත්වයක් සහිත එම ණය කාලය වසර 20ක් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart