
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කලකට පසුව ටෙස්ට් තරගයකදී පිතිකරණයෙන් මෙන්ම පන්දු යැවීමෙන්ද විශිෂ්ඨ දක්ෂතා දක්වමින්, අයර්ලන්තයට එරෙහි පළමු තරගය ඉනිමකින් සහ ලකුණු 280කින් ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(18) සමත්විය. ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 06ක් දැවී ලකුණු 591ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීය. එහිදී නායක මුත් කරුණාරත්න ලකුණු 179ක් රැස්කර ගැනීමට සමත් විය. ඊට අමතරව කුසල් මෙන්ඩිස් ලකුණු 140ක්ද, සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ සධීර සමරවික්‍රම ලකුණු 104ක්ද, දිනේශ් චන්දිමාල් ලකුණු 102ක්ද වශයෙන්, ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ශතක 04ක් වාර්තා කිරීම විශේෂත්වයක් විය.
අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පැමිණි අයර්ලන්ත පිල පන්දුවාර 52යි පන්දු 3කදී සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 143ක් පමණකි. පළමු ඉනිමේ විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය ලකුණු 52කට කඩුළු 07ක් දවා ගැනීමට සමත් විය. විශ්ව ප්‍රනාන්දු දවාගත් කඩුළු සංඛ්‍යාව 02කි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 448ක් පිටුපසින් සිටි අයර්ලන්ත කණ්ඩායමට දෙවැනි ඉනිම සඳහා නැවත පන්දුවට පහරදීමට සිදුවිය. එහිදී සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී අයර්ලන්ත පිලට රැස්කර ගත හැකි වූයේ ලකුණු 168ක් පමණකි. දෙවැනි ඉනිමේ පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් කඩුළු 04ක් දවා ගැනීමට සමත් විය. ප්‍රභාත් ජයසූරිය දවාගත් කඩුළු සංඛ්‍යාව 03කි. විශ්ව ප්‍රනාන්දු කඩුළු 02ක් දවා ගැනීමට සමත් විය. තරගයේ ඉනිම දෙකේදී කඩුළු 10ක් දවාගත් ප්‍රභාත් ජයසූරියට තරගයේ වීරයා සම්මානය හිමිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart