
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එළඹෙන උත්සව සමයේවෙළදපොළට නිකුත්කිරීමට සූදානම් කරමින් තිබූ නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය ඇතුළු තොරතුරු වෙනස්කරන ලද ආනයනික කඩල , සහල් සහ කල් ඉකුත්වූ රටඉඳි ගබඩා කර තිබූ ගබඩා කිහිපයක් 2024.11.28 දින පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් වටළා ඇත.
රසායනාගාර වෙත බෙදාහැරීම සදහා සූදානම් කළ කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍යය ලීටර් 50 ක්ද එම නිලධාරීන් විසින් කැලණිය පෙතියාගොඩ ප්‍රදේශයේ ගබඩා පරීක්ෂා කිරීමේදී සොයාගෙන තිබේ.
එමෙන්ම 2024.11.29 දින වත්තල ප්‍රදේශයේ ආනයනකරුවන් සහ තොග වෙළදුන් පවත්වාගන යනු ලබන ගබඩා පරීක්ෂාවේදී, කල් ඉකුත් නොවූ වියළි මිරිස් සමග ගබඩාකර තිබු කල් ඉකුත් වූ වියළි මිරිස් ටොන් 4.6 ක් ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගන්නා ලදී.
කල් ඉකුත් වූ භාණ්ඩ සමග කල් ඉකුත් නොවූ භාණ්ඩ ගබඩාකර තැබීම පාරිභෝගික කයුතු පිළිබද අධිකාරිය මගින් නිකුත්කරන ලද ගැසට් නිවේදනයකට අනුව වරදක් වන අතර එම වෙළදුන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart