
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2019 වසරේ සිට ඊයේ (නොවැම්බර් 30) දිනය දක්වා මෙරටින් HIV ආසාදිතයන් 6,126ක් වාර්තා වී තිබේ.
ඉන් බහුතරයක් පිරිමි පුද්ගලයන් වන අතර එම සංඛ්‍යාව 4,643ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් පාලන වැඩසටහන පවසයි.
ආසාදිත කාන්තාවන් සංඛ්‍යාව 1,472ක් වන අතර සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් 11 දෙනෙකුට ද වෛරසය වැළඳී ඇත.
ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් පාලන වැඩසටහනේ 2024 සඳහා HIV පිළිබඳ 2 වැනි කාර්තුමය වාර්තාවේ දැක්වෙන පරිදි අප්‍රේල් සිට ජුනි දක්වා මාස තුනක කාලය තුළ HIV ආසාදිතයන් 214ක් වාර්තා වී තිබේ.
මෙම 214 දෙනාගෙන් 28 දෙනෙකුම වයස අවුරුදු 15-24ත් අතර අය බව වාර්තා වේ.
පසුගිය කාර්තුවේ (ජනවාරි සිට මාර්තු දක්වා) රෝගීන් 207ක් වාර්තා වී තිබූ අතර මාස අටක් තුළ මුළු HIV රෝගීන් සංඛ්‍යාව 421ක් දක්වා ඉහළගොස් ඇත.
2023 සහ 2024 වසරවල වාර්තා වූ HIV රෝගීන්ගේ පිරිමි සහ ගැහැණු අනුපාතය 7:1ක් බව එම වාර්තාව තවදුරටත් පෙන්වා දී ඇත.
ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් පාලන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි ප්‍රකාශ පවසන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන තරුණයන් අතර වැඩි වශයෙන් පැතිර යන බැවින් මෙම ගැටලුවට එරෙහිව සටන් කිරීම සඳහා දැනුවත් කිරීම අත්‍යවශ්‍ය බවයි.
ඒ අනුව ප්‍රධාන වශයෙන් විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන, වෘත්තීය පුහුණු ආයතන කෙරෙහි ඔවුන්ගේ වැඩි අවධානය යොමු වී තිබේ.
පාසල් මට්ටමින් පවා මෙවැනි අධ්‍යාපනික සාකච්ඡා පැවැත්වීම කාලෝචිතව ආරම්භ කළ යුතු බව වෛද්‍ය කුමාරපේලි වැඩිදුරටත් සඳහන් කරයි.
ගාස්තුවකින් තොරව HIV පරීක්‍ෂා කිරීම සහ කොන්ඩම් නොමිලේ බෙදා හැරීම මෙන්ම එච්.අයි.වී ස්වයං පරීක්‍ෂණ කට්ටල ලබාදීම වැනි ක්‍රියාමාර්ග මෙම වැඩසටහන මගින් සිදු කරන ලද බව ඇය ප්‍රකාශ කරයි.
ලිංගික සංසර්ගය, ඉඳිකටු සහ සිරින්ජ හෝ වෙනත් ඖෂධ එන්නත් කිරීමේ උපකරණ හවුලේ භාවිතය මගින් සහ මව්කිරි දීම වැනි ක්‍රියාවන් හරහා ඇතැම් ශරීර තරල හුවමාරු වීමෙන් HIV ශරීරගතවීම සිදුවේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම HIV ආසාදිතයා 1986 දී වාර්තා විය.
අද (1) ලෝක ඒඩ්ස් දිනය ද සනිටුහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart