
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම දත්ත වලට අනුව, වසරින් වසර පදනම මත කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) විසින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය 2024 ඔක්තෝබර් මාසයේ දී පැවැති -0.8% ට සාපේක්ෂව 2024 නොවැම්බර් මාසයේදී -2.1% දක්වා අඩු වී ඇත.
2024 නොවැම්බර් මාසය සඳහා සියලුම අයිතම සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය ඒකක 189.4 ක් වූ අතර එම දර්ශකය 189.9 ක් වූ 2024 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව දර්ශක ලකුණු 0.5 ක හෝ ප්‍රතිශතය 0.25 ක අඩුවීමක් වාර්තා කරයි.
මෙය “වෙළඳපොළ භාණ්ඩ කූඩයේ” වියදම් වටිනාකම රුපියල් 427.75 කින් අඩුවීමක් නියෝජනය කරන බව පැවැසේ.
ඒ අනුව, ආහාර කාණ්ඩයේ උද්ධමනය 2024 ඔක්තෝබර් මාසයේ 1,0% සිට 2024 නොවැම්බර් මාසයේදී 0.6% දක්වා අඩු වී ඇති අතර, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2024 ඔක්තෝබර් මාසයේදී -1.6% සිට 2024 නොවැම්බර් මාසයේදී -3.3% දක්වා අඩුවී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart