
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට ළාබාලතම ෆෝමියුලා 3 ධාවකයකු වන යෙවාන් ඩේවිඩ්, ‘Unveiling the Journey of Sri Lanka’s Rising F3 Star’ සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා පැවැති ජනමාධ්‍ය හමුවේදී අදහස් පළකළේය.
’80 ක්ලබ් ඔෆ් කලම්බු’ හිදී පවත්වන ලද මෙම උත්සවයේදී යෙවාන් සිය සාර්ථකත්වය පිටුපස සිටින කණ්ඩායම හඳුන්වාදුන් අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු ලැබූ ජයග්‍රහණ සමරමින් සිය සාර්ථක ගමන් මාර්ගය පිළිබඳව ජනමාධ්‍යයට අදහස් පළකළේය.
උත්සවය ආරම්භ කරමින් අදහස් පළකරන ලද්දේ අන්තර්ජාතික වශයෙන් කීර්තිමත් ධාවන පථ විස්තර විචාරකයකු වන ජේක් සැන්සන් විසිනි.
එෆ් 3 කාණ්ඩයේ ශ්‍රී ලංකාවේ පළමු බහු ධාවන ජයග්‍රාහකයා වන යෙවන් ඩේවිඩ්, ඔහුගේ නොපසුබට උත්සාහය, අභිලාෂය සහ ධාවන තරඟය සිය ජීවිතය වෙනස් කළේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙහිදී ජනමාධ්‍ය වෙත අදහස් දැක්වීය.
මොන්සා හිදී තමන් ලද ජයග්‍රහණය ගැන ආවර්ජනය කරමින් යෙවාන් මෙසේ අදහස් දැක්වීය,
“මම ලැබූ ජයග්‍රහණය ගැන අතිශයින් සතුටට පත්වන අතර සෑම දෙනාගෙන්ම ලද සහයෝගයට බෙහෙවින් කෘතඥ වෙනවා.”
”අපේ රටේ ධජය මෝටර් රථ ක්‍රීඩාවේ හිනිපෙත්තටම ගෙනයාමට මා උත්සාහ කරනවා. රට නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක්. ” ඔහු පැවසුවේය.
යෙවාන් ගේ කළමනාකරු වන Horia Totu, එම අවස්ථාවේදී අදහස් දක්වමින් සහය පළකළේය.
යෙවන්ගේ හැකියාවන් පිළිබඳ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මේ වසරේ යෙවාන්ගේ අතිවිශාල ප්‍රගතියක් සහ දක්ෂතාවක් දුටු බවයි.
එමෙන්ම යෙවාන්ට ඇති සීමාව අහස පමණක් බව ද ඔහු පැවසුවේය.
සූදානම් වීමේ වැදගත්කම ඉස්මතු කරමින් අදහස් පළ කළ යෙවාන්ගේ යෝග්‍යතා පුහුණුකරු ඇලෙක්ස් ස්ටොට්, එම ජනමාධ්‍ය හමුවේදී මෝටර් රථ ක්‍රීඩාවේ විශිෂ්ටත්වය දැක්වීමට අවශ්‍ය කායික හා මානසික තත්ත්වය පිළිබඳ සිය විශේෂඥ දැනුම බෙදාගත්තේය.
“යෙවාන් පෙන්වන කැපවීම, දක්ෂතාවය සහ ක්‍රියාකාරකම් ආචාර ධර්ම සැබවින්ම F1 දක්වා ගිය මා කලින් සේවය කළ රියදුරන් පවා ඉහළින් තබා තිබෙනවා” යනුවෙන් ස්ටොට් පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart