
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නැගී එන තරුණ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයකු වන සයිම් ආයුබ් (Saim Ayub) ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලියට ක්‍රීඩා කිරීමට කැමැත්ත පළ කර ඇති අතර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ඔහුගේ ප්‍රියතම කණ්ඩායම ලෙස නම් කර තිබෙනවා.
වයස අවුරුදු 22 ක් වන අයුබ්, පාකිස්තානයේ දේශීය ලීගය (PSL) අතරතුර දී දැක්වූ දස්කම් සහ ලැබූ ජයග්‍රහණ හේතුවෙන් බොහෝ දෙනා මවිතයට පත් කළ සහ බලාපොරොත්තු තැබූ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
2023 PSL හි පෙෂාවර් සල්මි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන අතරතුර ප්‍රසිද්ධියට පත් වමතින් පහර එල්ල කරන අයුබ්, 34 හැවිරිදි ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි පුරාවෘත්තයක් සහ ලෝකයේ හොඳම ක්‍රීඩකයන්ගෙන් කෙනෙක් ලෙස සලකනු ලබන ඔහු අනුගමනය කරන්නෙකු ලෙසයි සැලකෙන්නේ.
ආයුබ් පවසන්නේ තමන් සෑහෙන කාලයක් කෝලිගේ වෘත්තීය ජීවිතය අනුගමනය කළ බවත් කෝලි, ඔහුගේ පිටියේ අත්දැකීම්වලින් බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයින් දිරිමත් කරනු ලැබූ ක්‍රීඩකයකු බවයි.
තරුණයකුගේ සිට පුරාවෘත්තයක් දක්වා කෝලිගේ ගමන ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ගොඩනැඟීම කෙරෙහි ඔහුට ප්‍රබල ආකාරයෙන් බලපෑ බව ට්විටර් වෙත කළ අදහස් දැක්වීමක දි ආයුබ් වැඩිදුරටත් පවසා තිබෙනවා.
“මට අවශ්‍යයි IPL ක්‍රීඩා කිරීමට.ඒ වගේම රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කිරීමට. මම ඔවුන්ගේ කණ්ඩායමට කැමතියි, විරාත් කෝලි ක්‍රීඩා කරන්නෙත් ඔවුන් වෙනුවෙන්. තරුණයෙකුගේ සිට පුරාවෘත්තයක් දක්වා විරාත් සහෝදරයාගේ ගමන මම අගය කරන අතර ඔහු ලෝකයේ හොඳම ක්‍රීඩකයන්ගෙන් කෙනෙක් ලෙස සලකනවා”
PSL හි Babar Azam සමඟ තරඟ ආරම්භ කළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ආයුබ් පවසා ඇත්තේ,බාබර් සමඟ ක්‍රීඩා කිරීමට ලැබීම ද තමාගේ ක්‍රීඩා ජීවිතයට දැවැන්ත අත්දැකීමක් වූ බවයි.
ඔවුන් දෙදෙනා එක්ව PSL හි දී ශක්තිමත් සබඳතාවක් ගොඩනඟා ගත් අතර අයුබ් Lahore Qalandars ට එරෙහිව ලකුණු 50 ක් රැස් කර අතරතුර දී ඔහුගේ සහායකයා ලෙස අනෙක් අන්තයේ සිටියේ ද බාබර් අසාම්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart