
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උතුරු පළාතේ හමුදා කඳවුරක් මෑතකදී ඉවත්කර ගැනීම පිළිබඳ තොරතුරු වාර්තා වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විරෝධය පළකර ඇත.
X පණිවිඩයක් නිකුත් කරමින් නාමල් රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් මෙසේ පවසා තිබේ.
“වාර්තාවලට අනුව, උතුරේ තිබූ යුධ හමුදා කඳවුරක් ඉවත් කර, එම ඉඩම් පුද්ගලයන්ට බෙදාදීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කර තිබේ. ඒ අයුරින්ම තවත් යුධ හමුදා කඳවුරු විශාල ප්‍රමාණයක් ඉදිරි මාසවලදී ඉවත් කිරීමටද ආණ්ඩුව සැලසුම් කර ඇත. හමුදා කඳවුරු ඉවත්කර ඉඩම් මුදාහැරීම ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කර සමාලෝචනයකින් පසුව වගකීම් සහගතව සිදුකළ යුත්තකි. ජාතික ආරක්ෂාවට කිසියම් හෝ හානියක් මෙමඟින් සිදුනොවිය යුතු බවට අප තරයේ විශ්වාස කරමු. ශ්‍රී ලංකාව අවුරුදු 30ක ත්‍රස්තවාදය පරාජය කළ අතර, අද සියලුම ජනතාවට නිදහසේ ජීවත් විය හැකිය. උතුරේ හෝ දකුණේ වුවද, ජාතික ආරක්ෂාව තහවුරු කර පවත්වාගැනීම අතිශය වැදගත් බවට ආණ්ඩුව සහ ආණ්ඩුවේ නායකයන් අමතක නොකළ යුතුය.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart