
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජකාරී වේලාව තුළ අධික ලෙස මත්පැන් පානය කර පොලිස් සැරයන්වරයකුට පහරදුන් තවත් පොලිස් සැරයන්වරයකු මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මෙම පොලිස් සැරයන්වරයා හම්බෙගමුව පොලිසියට අනුයුක්තව රාජකාරි කරන අයකු බව වාර්තා වේ.
මැතිවරණ රාජකාරිය සඳහා කිරින්ද විජයවික්‍රම කණිටු විදුහලේ පිහිටා තිබූ ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියට මෙම පුද්ගලයා යොදවා සිටියදී මෙලෙස මත්පැන් පානය කර ඇති බව පොලිසිය පවසයි.
එම අවස්ථාවේදී සැරයන්වරයා අත්අඩංගුවට ගෙන කිරින්ද පොලිස් ස්ථානයට රැගෙන යෑමෙන් පසුව මෙම පහරදීම සිදුව ඇති බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart