
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෙර සිටි රාජ්‍ය නායකයන් භුක්ති විඳි ‘වරදාන සහ වරප්‍රසාද’ යන මාතෘකාව මෑත කාලයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් අතර, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නවතම ප්‍රකාශය සමග එම වරප්‍රසාදවලට සම්පූර්ණ තිත තැබීමට ඉඩ තිබේ.
පසුගිය සතියේ ජාතික ජන බලවේගයේ මැතිවරණ රැලියකදී අදහස් දක්වමින් ජනාධිපති දිසානායක කියාසිටියේ මීට පෙර සිටි රාජ්‍ය නායකයන්ට නිවාස පහසුකම් අවශ්‍ය නම්, ඔවුන් අදාළ රාජ්‍ය ආයතනවලට ලිඛිතව ඉල්ලුම් කළ යුතු බවයි.
මෙම අයැදුම්පත් යොමුකිරිම, නිවාස නොමැති පුරවැසියන් රජයට අයැදුම්පතක් ඉදිරිපත් කරන ක්‍රියාවලියට සමාන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ඉල්ලුම් පත්‍රය සඳහා මාසික ආදායම සහ කලත්‍රයාගේ සහ දරුවන්ගේ රැකියා පිළිබඳ විස්තර ආදිය සළකා බැලීම අවශ්‍ය බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart