
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊපීඩීපී නායක හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට අමාත්‍ය ධුරයක් පිරිනැමීමේ කිසිදු සැලසුමක් නැතැයි ආණ්ඩුව ප්‍රකාශ කරයි.
තමාට ඇමති ධූරයක් පිරිනැමීමට ජනාධිපතිවරයා එකඟ වූ බව පවසමින් දේවානන්දා ජනතාව නොමග යවන බව ජාතික ජන බලවේගයේ සාමාජික බිමල් රත්නායක යාපනයේ පැවති මැතිවරණ රැස්වීමකදී පැවැසීය.
දේවානන්දාගේ ඉල්ලීමට අනුව ජනාධිපතිවරයා ඔහු සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බව කී බිමල් රත්නායක, ඔහු හිටපු ඇමැතිවරයකු සහ මන්ත්‍රීවරයකු බැවින් සාකච්ඡාවක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟ වූ බවද කීය.
“සාකච්ඡාවක් ඉල්ලන එක දේශපාලන විනීතකමක්, දේවානන්ද දැන් බොරුවක් ප්‍රචාර කරනවා NPP එක එයාට ඇමැතිකමක් දෙන්න එකඟ වුණා කියලා. රැස්වීමේදී ගත්තු ෆොටෝ එකක් ෆේස්බුක් ගිණුම හරහා පාවිච්චි කරලා ජනතාව නොමග යවනවා. ඩොලර් පොම්ප කිරීම ගැන අපට ලැජ්ජයි. ඔහු පසුගිය ජනාධිපතිවරණ සමයේ රනිල් වික්‍රමසිංහට සහාය පළකළා.” යැයි බිමල් රත්නායක සඳහන් කළේය.
රට බංකොලොත් කිරීමට මූලික වූ කිසිවකුට ජාතික ජන බලවේගය කිසිදු අමාත්‍ය ධූර ලබානොදෙන බවද ඔහු පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart