
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළේ කළමනාකාරිත්වය ඉන්දු රුසියා හවුල් ව්‍යාපාරයකට පැවරීමට පසුගිය ආණ්ඩුව විසින් ආරම්භ කරන ලද ක්‍රියාමාර්ගයට නීතිමය බාධාවන් එල්ලවීම හේතුවෙන් සහ ශ්‍රී ලංකා බලධාරීහු ඊට බලපත්‍ර ලබාදීමට සූදානම් නොමැති බැවින් එය අත්හැර දැමීමට සූදානම් බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
පසුගිය ආණ්ඩුව විසින් මෙම ගුවන් තොටුපළ කළමනාකරණය ඉන්දියාවේ Shaurya Aeronautics Pvt Ltd සහ රුසියාවේ Russia’s Airports of Regions වෙත ඒකාබද්ධව පැවරීමට තීරණය කළේය.
පසුව, එම වාණිජ ගිවිසුමේ කෙටුම්පත නිෂ්කාශනය සඳහා නීතිපතිවරයා වෙත යොමුකරන ලදී.
සිවිල් ගුවන් සේවා අධිකාරී පනතට අනුව මෙරට ගුවන් තොටුපළ කළමනාකරණය කිරීමේ බලය ඇත්තේ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (පෞද්) සමාගමට Airport and Aviation Services (Pvt) Ltd (AASL) පමණි.
වාර්තා සඳහන් කර ආකරයට මත්තල ගුවන් තොටුපළේ කළමනාකාරිත්වය විදේශ ව්‍යාපාරයකට පැවරීමට ශ්‍රී ලංකාව මේ මොහොතේ උනන්දු වන්නේ නැත.
ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමේ විකල්ප ආකෘතිය පිළිබඳව නව රජය තීරණය කරනු ඇත්තේ මහ මැතිවරණයෙන් පසුව බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
චීනයේ මූල්‍ය ආධාර මත මෙම ගුවන් තොටුපොළ ඉදිකර ඇත්තේ චීනය විසින් ඉදිකරන ලද හම්බන්තොට වරායට යාබදවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart