November 7, 2024

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද විදේශීය මත්පැන් බෝතල් සහ දුම්වැටි තොගයක් සමඟ සැකකරුවකු පිටකොටුව තුන්වැනි හරස් වීදියේදී බදාදා (06) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ලද තොරතුරක් මත පිටකොටුව පොලිසියේ නිලධාරීන් සිදුකළ වැටළීමකදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය මත්පැන් බෝතල් 210ක් සහ විදේශීය දුම්වැටි 50,000ක් (කාටූන් 250) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු 54 හැවිරිදි කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පිටකොටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.