
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ අභිනවයෙන් පත් වූ ස්වාධීන සභාපති, ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන හා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අඛණ්ඩතාව සහ මානව සම්පත් පිළිබඳ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් අතර හමුවක් ඊයේ (05) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී ඇලෙක්ස් මාෂල්, පසුගිය වසර හත තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ ක්‍රියාවන්ට එරෙහිව ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව අවදානය යොමුකර ඇති අතර, ක්‍රීඩකයන්ගේ අධ්‍යාපනයේ වැදගත්කම සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබේ.
මෙම රැස්වීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරු (මෙහෙයුම්) ඇන්ඩෲ එෆ්ග්‍රේව් (Andrew Ephgrave), ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ නීතීඥ විජේබණ්ඩාර, ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්. ඉලේපෙරුම සහ ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු යන පිරිස සහභාගී වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart