
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපතිධූර අපේක්ෂක කමලා හැරිස්ගේ පාරම්පරික නිජභූමිය වන දකුණු ඉන්දියාවේ ගම්මානයක පදිංචිකරුවන් අද ඇයගේ ජයහ්‍රහණය පතා විශේෂ පූජාවක් සංවිධාන කර තිබේ.
ඉන්දීය ජනමාධ්‍ය පැවසුවේ කමලා හැරිස් වෙසෙන අමෙරිකාවේ වොෂින්ටන් නුවර සිට සැතපුම් 8,000 (කිලෝමීටර් 13,000) දුරින් පිහිටි හින්දු කෝවිලක එම පූජාව පැවැත්වෙන බවයි.
කමලා හැරිස්ගේ මවගේ සීයා වන පී.වී. ගෝපාලන් උපත ලැබුවේ වර්තමාන දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තුලසේන්ද්‍රපුරම් නම් ගම්මානයේ ය.
විශේෂ පූජා උත්සවය පැවැත්වෙන්නේ එම ගම්මානයේයි.
එම කෝවිලේ තබා ඇති විශේෂ ගලක කමලා හැරිස්ගේ සහ ඇගේ සීයාගේ නම කොටා ඇතැයි සඳහන් වේ.
එමෙන්ම කෝවිල් භූමියේ එල්ලා ඇති විශාල බැනරයක ඇයගේ මැතිවරණයේ සාර්ථකත්වයට ප්‍රාර්ථනා එක්කර තිබේ.
ගෝපාලන් සහ ඔහුගේ පවුලේ අය සැතපුම් සිය ගණනක් දුරින් තමිල්නාඩුවේ අගනුවර වන චෙන්නායි වෙරළබඩ නගරයට සංක්‍රමණය වූ අතර එහිදී ඔහු විශ්‍රාම යන තෙක් උසස් රාජ්‍ය නිලධාරියෙකු ලෙස සේවය කළේය.
මෙම ගම්මානය මීට වසර හතරකට පෙර ලෝකයේම අවධානයට ලක්විය.
ඒ, 2020 දී කමලා හැරිස් අමෙරිකාවේ උප ජනාධිපති ලෙස දිවුරුම් දීමේදී ගම්වාසීන් රතිඤ්ඤා දල්වමින් සහ ආහාර බෙදාගනිමින් එය සැමරීමත් සමගය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart