
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද නාවලපිටිය මීපිටිය ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී ගම්වාසීන් සහ ඔහු අතර උණුසුම්කාරී තත්ත්වයක් වාර්තා විය.
එහිදී නාවලපිටිය පොලිසිය මැදිහත් වී දේවගැතිවරයා සහ ප්‍රදේශවාසීන් අතර ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය සමනය කර තිබිණි.
පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ඉදිකරන මුවාවෙන් දේවගැතිවරයා ආගමික ස්ථානයක් ඉදිකරමින් සිටින බවටත්, ඒ සම්බන්ධයෙන් කිසිදු රාජ්‍ය ආයතනයක් දැනුවත් කර නොමැති බවටත් ගම්වාසීහු චෝදනා කළහ.
මෙම ගම්මානය සියලු ආගම්වල ජනතාව සහජීවනයෙන් වෙසෙන බව පෙන්වාදුන් ගම්වාසීහු, නාවලපිටිය ප්‍රදේශයේ පවතින සාමය විනාශ කිරීමට ආගම් අතර අසමගිය ඇති කරන පුද්ගලයන්ට ඉඩ නොතබන බවටද චෝදනා කළහ.
ගම්වාසීන්ගේ විරෝධතාවය හේතුවෙන් දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එම ප්‍රදේශයෙන් ඉවත්වීමට සිදුව ඇති බව වාර්තා වේ.
‘ෆේස්බුක්’ සටහනක් තබමින් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු කියාසිටියේ මෙම සිද්ධිය දේව කැඳවීමේ කොටසක් බවයි.
“අද උදෑසන යාඥා කන්ද විවෘත කිරීමට කිලෝමීටර් 130 ක් ගමන් කළ අතර, ගම්වැසියන් අනවසරයෙන් ඇතුළු වී තර්ජනය කිරීම, පල්ලියේදී යාඥා කිරීමට ඉඩ නොදීම, දේපළවලින් පිටව යන ලෙස අණ කිරීම, මඩ ගැසීම සිදුකළා. පොලිස් නිලධාරියෙකු විසින් උපහාසාත්මක ලෙස, ජනාධිපතිවරයෙක් රටින් එලෙව්වා නම් මටත් එහෙම කරන්න පුළුවන් කියලා ප්‍රකාශ කළා. මෙය දේව කැඳවීමේ කොටසක් වන අතර මෙය මට පුදුමයක් නොවේ. ශ්‍රී ලංකාවට උදව් අවශ්‍යයි!” ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart