
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024/25 මූල්‍ය වර්ෂයේ මුල් මාස තුන තුළ ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් රුපියල් බිලියන 12.9ක ශුද්ධ අලාභයක් වාර්තා කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
වසර මැද මූල්‍ය වාර්තාවට අනුව ශ්‍රීලන්කන් ගුවන් සමාගම 2024/25 මූල්‍ය වර්ෂයේ මුල් මාස තුන සඳහා රුපියල් බිලියන 63.8ක මුළු ආදායමක් උපයා ඇති අතර එය 2023/24 මූල්‍ය වර්ෂයේ එම කාල සීමාව තුළ උපයා ඇති රුපියල් බිලියන 73.1ට සාපේක්ෂව 12.7%ක් අඩුය.
2023/24 මූල්‍ය වර්ෂයේමුල් මාස තුනේ (මූල්‍ය ගාස්තු සහ විනිමය වෙනස්කම් හැර) රුපියල් බිලියන 8ට සාපේක්ෂව 2024/25 මූල්‍ය වර්ෂයේ පළමු මාස තුන තුළ ගුවන් සමාගම බදු පෙර ලාභයක් වාර්තා කළේ රුපියල් බිලියන 0.6කින් පමණි.
මූල්‍ය ආරෝපණ සහ විනිමය වෙනස්කම් ගැළපීමෙන් පසුව, 2023/24 මූල්‍ය වර්ෂයේ වාර්තා වූ රුපියල් බිලියන 25.8ක ශුද්ධ ලාභයට සාපේක්ෂව 2024/25 මූල්‍ය වර්ෂයේ මුල් මාස තුන තුළ සමූහය රුපියල් බිලියන 12.9ක ශුද්ධ අලාභයක් වාර්තා කළේය.
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ මෙහෙයුම් සඳහා සහාය වීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් මූල්‍ය සහායවීම් සහ ණය ඇපකර වැනි අනෙකුත් ක්‍රියාමාර්ග නිතිපතා ලබා දී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මාර්තු මාසයේදී ඇමැති මණ්ඩලය විසින් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ භාණ්ඩාගාර ඇපකර ණය ඩොලර් මිලියන 210ක් සහ රුපියල් බිලියන 31.4ක් (ආසන්න වශයෙන් ඩොලර් මිලියන 100 කට සමාන) රජයේ ශේෂ පත්‍රයට පැවරීමට අනුමැතිය ලබා දෙන ලදී.
ජාතික ගුවන් සේවය ආරක්ෂා කිරීම සඳහා 2024 පළමු මාස හය තුළ එහි පවතින මුදල් ප්‍රවාහ ගැටලුවලට සහාය වීම සඳහා ගුවන් සමාගමට රුපියල් බිලියන 5ක කොටස් දායකත්වයක් ලබා දීමෙන් රජය සහාය ලබා දී ඇති බව වාර්තාව පවසයි.
පසුගිය මාසයේ විදේශ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සභාපති සරත් ගනේගොඩ කියා සිටියේ ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමේ සැලසුම් අත්හැර දමා ශක්‍ය සැලැස්මක් යටතේ ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් දී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart