
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාලන මිලට සහල් අලෙවි කිරීමට අපොහොසත් වන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි.
ඔහු පෙන්වා දෙන්නේ සහල් මිල සම්බන්ධයෙන් රජය සහල් මෝල් හිමියන් අතර සාකච්ඡාවක් ද මීට පෙර පැවති බවයි.
පසුගිය රජය කිසිසේත්ම වී මිලදී ගෙන නොමැති නිසා සහල් මිල පාලනය කිරීමට රජයට මේ වන විට ක්‍රමයක් නොමැති බව මොණරාගල ප්‍රදේශයේ පැවති මැතිවරණ රැලියකට එක්වෙමින් ඔහු කියා සිටියේය.
සහල් මිල පාලනය කිරීමට රජයට ඇත්තේ රජය සතු වී තොග නිදහස් කිරීම හෝ නීති පැනවීම යන විකල්ප දෙක පමණක් බව කී ජනාධිපතිවරයා රජයට වී තොග නොමැති නිසා රජයට දැන් කළ හැක්කේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පමණක් බවද පැවසීය.
ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇති නොවීමට රජය කටයුතු කරන බවත් ඉදිරි මහ කන්නයේදී රජයට වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට ගෙන ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.
ඔහු සඳහන් කළේ මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට සහ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට ඔවුන්ගේ වී ගබඩා සියල්ල ප්‍රතිසංස්කරණය කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවයි.
“අපි වී මිල දී ගෙන වෙළෙඳපොළට සහල් සැපයීමට සැලසුම් කර තිබෙනවා. රජයෙන් මිලදී ගන්නා වී තොග සුළු පරිමාණ සහල් මෝල් හිමියන්ට ලබාදී අපට සහල් ලබා ගන්නවා. එවිට එම සහල් තොග සමුපකාර ගබඩා දාමය හරහා පාරිභෝගිකයන්ට ලබා දෙන්න පුළුවන්,” යනුවෙන් ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart