
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විපක්ෂය අක්‍රිය කරමින් පාර්ලිමේන්තුවේ 5/6ක බලයක් වැනි අසීමිත බලයක් ජාතික ජන බලවේගය අපේක්ෂා නොකරන බව ටිල්වින් සිල්වා පවසයි.
ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ කිසිදු බාධාවකින් තොරව රජයක් පවත්වාගෙන යෑමට ජාතික ජන බලවේගය අපේක්ෂා කරන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් පමණක් බවයි.
කිසිඳු පක්ෂයකට අධික බලයක් ලබා නොදිය යුතු බවට පෙර අවස්ථාවකදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ටිල්වින් සිල්වා පැවසුවේ ජාතික ජන බලවේගය තවමත් එම මතයේම සිටින බවයි.
“විපක්‍ෂය අක්‍රිය කරන 5/6 බලය වගේ බලයක් අපට අවශ්‍ය නැහැ. නමුත්, ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට පාර්ලිමේන්තුවේ ශක්තිමත් බහුතරයක් අවශ්‍යයි. නීති සම්පාදනය කිරීමටත් නීති සංශෝධනය කිරීමටත් රජයකදී අවශ්‍ය වනවා. අපිට අවශ්‍ය වන්නේ ආණ්ඩුව ගෙනියන්න ප්‍රබල බහුතරයක්,” යනුවෙන් ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart