
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ එක්ව කටයුතු කිරීමට ඩග්ලස් දේවානන්ද නායකත්වය දරන ඊපීඩීපී සංවිධානය තීරණය කර ඇතැයි ජනමාධ්‍ය වාර්තා කරයි.
මේ පිළිබඳව ජනාධිපති අනුර දිසානායක සමග ඩග්ලස් දේවානන්ද ඇතුළු පිරිසක් සාකච්ඡා කරන ලද බවද එම පක්‍ෂ මාධ්‍ය ලේකම් නෙල්සන් එදිරිසිංහ උපුටා දක්වමින් ‘ලංකාදීපය’ වාර්තා කර ඇත.
දැනට අතරමග නතර වී ඇති උතුර නැගෙනන සංවර්ධන කටයුතු පිළිබඳව කරුණු විසිපහක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ හිටපු ඇමැතිවරයා සාකච්ඡා කළ බවත් හෙතෙම පවසා තිබේ.
අදාළ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවත්, ධීවර අමාත්‍යාංශයේ පවතින ගැටලු හා ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩසටහන් යළි ක්‍රියාත්මක කිරීම සඳහා මාධ්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීමට ද ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart