
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පරාටේ නීතිය භාවිත කරමින් බැංකුවලින් දේපළ පවරාගැනීම හේතුවෙන් සිත්තැවුලට පත් පුද්ගලයන් 127 දෙනකු සියදිවි නසාගෙන ඇතැයි ඒකාබද්ධ ව්‍යවසායක සංවිධානය හෙළිකරයි.
එම සංගමයේ සභාපති චම්ලි කුමාරසිංහ පෙන්වාදෙන්නේ,වත්මන් ආණ්ඩුව විසින් ලබන දෙසම්බරි 15 වැනිදා දක්වා මෙම නිතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් යම් සහනයක් ලබාදී තිබුණද, ලක්ෂ 4ක් පමණ වන පාරටේ නීතියෙන් පිඩාවට පත්වූවන්ට එය ප්‍රමාණවත් සහනයක් නොවන බවයි.
සභාපතිවරයා මෙසේද පවසයි.
“පැවති රජයන් සම්බන්ධයෙන් කතාකිරීමේ දී, සහනයක් ලැබුණේ නෑ කියන එක තමා කියන්න ඕනේ. පරාටේ නීතිය යටතේ දේපොළ වෙන්දේසි කළ අපි 127 දෙනෙකුට ආසන්න පිරිසක් පහුගිය අවුරුද්දේ මුල් කාලය වෙද්දි සියදිවි හානිකරගෙන තියෙනවා. එතකොට අපිට පරාටේ නීතිය යටතේ, දේපොළ වෙන්දේසියට ලක්වූ සියලුදෙනාටම බැංකුවලින් සහනයක් ලැබුණේ නෑ. අපිට දුන් සහනය තමා සහන කාලය. ඒක ඇත්තටම පොලිය උගුලක්. වර්තමාන රජය සමග අපි යම් සාකච්ඡාවක් කරා. පරාටේ නීතිය දෙසැම්බර් 15 තෙක් තාවකාලිකව අත්හිටුවා තියෙනවා. එය ඉන් පසුව බලාත්මක වෙනවා. එතකොට සියදිවි හානිකරගත් 127 දෙසීයක් තුන්සීයක් දක්වා වැඩිවෙයි. පරාටේ නීතිය නතර කළ සැනින් ව්‍යවසායකයාට ගොඩඒමක් නැත. ව්‍යවසායකයාට ගොඩ එන්න ව්‍යාපාර ගොඩනැගීමේ වැඩපිළිවෙලක් රට තුළ නෑ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart