
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිවයින පුරා පිහිටි පන්සල් ඇතුළු ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව සඳහා අනුයුක්ත කර ඇති ආරක්ෂක අංශ සාමාජිකයන් ඉවත්කිරීමට රජය තීරණය කර ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන් සාවද්‍ය බව ආරක්ෂක අමාත්‍යංශය අවධාරණය කරයි.
සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වූ වාර්තා මගින් කියැවී තිබුණේ ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව විධිමත්ව පවත්වාගෙන යෑම සදහා අනුයුක්ත කොට ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ඉවත් කර ගැනීමට රජය තීරණය කර ඇති බවයි.
නමුත් එම ප්‍රචාරය සම්පූර්ණයෙන් සාවද්‍ය බවත් රජය හෝ ආරක්ෂක අමාත්‍යංශය එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් රජය දැනුම් දී සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart