
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා රුපියල 2023 වසරේ මාර්තු 10 වන දින දක්වා කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 14කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එසේම මෙම වකවානුව තුළ දී අනෙකුත් ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් ඒකක කිහිපයකටම සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණ වී ඇත.
එහිදී ජපාන යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව 17.4% කින්, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව 15.2%කින්, යුරෝ මුදල් ඒකකයට සාපේක්ෂව 14.7%කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව 13.1%කින් 2023 වසරේ මාර්තු 10 දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වී තිබේ. 2022 වසරේ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 44.8කින් අවප්‍රමාණය වී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart